Huawei Y9 – 2019

Add to wishlistAdded to wishlistRemoved from wishlist 2
Add to compare
Add your review
Set Lowest Price Alert
×
Notify me, when price drops
Set Alert for Product: Huawei Y9 (2019) - Blue - 35,800.00
9.3

රු35,800.00

Best deal at: dialcom.lkdialcom.lk
Buy for best price
Body9.5
Screen9
Performance9.5
Camera9.5
Design9
  • Capacity 64GB
  • Display 6.5 inches ” 1080 x 2340 pixels
  • Battery 4000mAh Li-Ion
  • Performance Hisilicon Kirin 710 (12 nm), 4RAM
  • Camera Primary Dual 16 MP + 2 MP, Selfie 13MP+2MP
  • Video 1080p@30fps

Price History

Price history for Huawei Y9 (2019) - Blue
Latest updates:
  • 35,800.00 - April 4, 2019
  • 36,900.00 - March 3, 2019
  • 38,600.00 - January 28, 2019
Since: January 28, 2019
  • Highest Price: 38,600.00 - January 28, 2019
  • Lowest Price: 35,800.00 - April 4, 2019

Description

Huawei Y9 2019 ගැන හැමදෙයක්ම

Huawei Sri Lanka ආයතනය 2019 වසර සඳහා හඳුන්වාදුන් ‘Y’ මාදිලියේ දුරකථන කිහිපය අතරින් සුපිරි Huawei Y9 2019 කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. බොහෝ ජනප්‍රිය වෙමින් පවතින මෙම දුරකථනය ඇත්තටම කොහොමද කියලා අපි විමසා බලමු.

නවතම Huawei Y9 2019 දුරකථනය

Image Copyright: GIZGUIDE

Mid Range ඝනයට අයත්වන මෙම දුy,රකථනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය කර ඇති අතර මෙහි වටේ ඇති දාරයන් පොලිකාර්බනේට් ( Polycarbonate ) යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. එමගින් සුපිරි පෙනුමක් මෙම දුරකථනයට ලැබී ඇති අතරම මෙහි වක්‍ර කොණ හේතුවෙන් දුරකථනය අතේ පහසුවෙන් තබාගැනීමට පුළුවන්. තරමක් සිහින් මෙම දුරකථනය ග්‍රෑම් 173 ක බරකින් යුතු වෙනවා.

මෙහි පහළින් ස්පිකර් එක, USB Port එක සහ 3.5 mm Headphone Port එක දැකගැනීමට පුළුවන්. දුරකථනයේ පිටුපස ද්විත්ව කැමරා පද්ධතිය සමග LED Light එකක් දැක ගැනීමට පුළුවන්. එම කැමරාවන් පිළිවෙලින් 16 MP සහ 2 MP වශයෙන් දැක්වීමට හැකිය. මෙම කැමරාවන් AI තාක්‍ෂණයෙන් සමන්විත නිසා ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. මෙයට අමතරව Finger Print එක ද මෙම දුරකතනයේ පිටුපස දැක ගැනීමට පුළුවන්.

Image Copyright: Gadgetbyte Nepal

මෙහි තිරය අඟල් 6.5 ක IPS LCD තාක්ෂණයෙන් සමන්විත වෙනවා. මෙම දුරකථනයේ ඉදිරිපස උඩ කොටසේ ද්විත්ව සෙල්ෆි කැමරා පද්ධතියකින් සමන්විත කුඩා Notch එකක් ඇති අතර එම කැමරාවන් පිළිවෙලින් 13 MP සහ 2 MP වශයෙන් දැකගැනීමට පුළුවන්. මෙම කැමරාවන් ද AI තාක්‍ෂණයෙන් සමන්විත නිසා ඡායාරූප වල තිබෙන කුඩා කුඩා අඩුපාඩු සකස් කොට ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. තවද මෙහි Accelerometer, Gyro, Proximity සහ Compass ආදී සෙන්සර්ස් වර්ග කිහිපයද දැකගැනීමට පුළුවන්.

Image Copyright: gizguide.com

මෙම දුරකථනය Android 8.1(Oreo) මත Xiaomi නිර්මාණය කරන ලද EMUI 8.2 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වෙනවා. Hisilicon Kirin 710 ක Chipset එකකින් සමන්විත මෙම දුරකථනය Octa-core ප්‍රොසෙසරයකින් ද යුක්ත වෙන අතර 128 GB, 6 GB RAM සහ 64 GB, 4 GB RAM ලෙස ධාරිතාවන් ද්විත්වයකින් සමන්විත වෙනවා. මෙම දුරකථනය සඳහා 4000 mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර එමගින් දින දෙකක් පමණ හොඳින් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මෙම දුරකථනය Midnight Black, Sapphire Blue සහ Aurora Purple යන වර්ණ ත්‍රිත්වයෙන් මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

මොනවද Huawei Y9 2019 බොක්ස් එකේ තිබෙන දේවල්,

  • නවතම Huawei Y9 Pro දුරකථනය.
  • Silicone Back Cover එක.
  • User Manual එක.
  • Charging Adapter එක.
  • USB Cable එක.
  • Head Set එක.
  • Sim Removal Tool එක.
Image Copyright: GIZGUIDE

ඇත්තටම Huawei Y9 2019 දුරකථනය, කොහොමද…?

Image Copyright: GadgetMatch

මෙම දුරකථනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය කර තිබුනත් පෙනුම අතින් Flagship දුරකථනයකට සමාන අත්දැකීමක් ලබාගැනීමට පුළුවන් ඒ වගේම මෙය අතේ පහසුවෙන් හසුරුවන්න පුළුවන්, තරමක් ලිස්සන සුළු වුවත් Back Cover එකක් තිබෙන නිසා එය එතරම් සැලකිය යුතු දෙයක් නොවෙයි. මෙහි ඇති Notch එක වෙනස් කළ හැකි වුවත් (උදා:- අවශ්‍ය විට කුඩා Notch එක හෝ සම්පුර්ණ Notch එක යොදා ගත හැකිය ) එය මඟින් තරමක් තිරය කුඩා වීම අවාසි සහගත වෙනවා. Huawei Y9 තුළ AI තාක්ෂණය සමන්විත නිසා ඡායාරූප ගැනීම වැනි කටයුතු තවත් පහසු වී තිබෙනවා.

නමුත් කැමරා වල ප්‍රමාණය අනෙකුත් Mid Range දුරකථන වලට සාපේක්ෂව තරමක අඩුවීමක් දැකගන්න පුළුවන්. තවද මේ වනවිට ඇති ඉහළ මට්ටමේ Mobile Games (උදා :- PUBG, Asphalt 9) මෙහි ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන්. සමස්තයක් වශයෙන් ගෙවන මිලට සාපේක්ෂව හොඳ අත්දැකීමක් ලබාගැනීමට හැකි දුරකථනයක් ලෙස Huawei Y9 2019 හැඳින්විය හැකිය.

Image Copyright: gadgetmatch.com

Huawei Y9 2019 හී ඇති ගුණාත්මක කරුණු වශයෙන් පෙනුම, ඉහළ බැටරි ධාරිතාව සහ AI තාක්ෂණයෙන් යුතු කැමරා පෙන්වාදිය හැකි අතර තරමක් ලිස්සන සුළු වීම සහ Top Notch එක මෙහි ඇති ඍණාත්මක කරණු වශයෙන් පෙන්වාදිය හැකිය.

Image Copyright: GadgetMatch

මෙම ලිපිය මගින් ඔබට Huawei Y9 2019 දුරකථනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයියැයි අපගේ මතය වේ.

Review Credit : TechGuru.lk

9.3
Body
9.5
Screen
9
Performance
9.5
Camera
9.5
Design
9
+ Positives:
  • Build Quality
  • Selfie Camera Quality
  • Epic battery life
  • Smooth performances
- Negatives:
  • Plastic Body

Additional information

Specification: Huawei Y9 – 2019

OS

Android 8.1 (Oreo); EMUI 8.2

Internal Storage

64GB

RAM

4GB

Sim-type

Dual Sim

ChipSet

Hisilicon Kirin 710 (12 nm)

CPU

Octa-core (4×2.2 GHz Cortex-A73 & 4×1.7 GHz Cortex-A53)

Camera

16MP, 2MP

Selfie Camera

13MP, 2MP

Battery Capacity

4000mAH

Weight

173g

Huawei Y9 – 2019 Videos

Video Reviews in Sri Lanka

Reviews (0)

Reviews

0.0
0
0
0
0
0

Be the first to review “Huawei Y9 – 2019”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Catch.lk
Login/Register access is temporary disabled
Compare items
  • Total (0)
Compare
0