Xiaomi Pocophone F1

Add to wishlistAdded to wishlistRemoved from wishlist 1
Add to compare
Add your review
Set Lowest Price Alert
×
Notify me, when price drops
Set Alert for Product: Xiaomi Pocophone F1 6GB RAM 64 GB ROM Black - 58,500.00
8.6

රු58,500.00

Best deal at: daraz.lkdaraz.lk
Buy for best price
Design8.5
Screen8.5
Performance9
Camera8
Battery Life9
  • Capacity 64GB /128GB
  • Display 6.18″ 1080×2246 pixels
  • Battery 4000 mAh Li-Po
  • Performance Snapdragon 845 8GB RAM
  • Camera 12MP & 5MP Dual Camera, Selfie 20MP
  • Video 2160p@30fps

Price History

Price history for Xiaomi Pocophone F1 6GB RAM 64 GB ROM Black
Latest updates:
  • 58,500.00 - March 30, 2019
  • 57,600.00 - January 27, 2019
  • 60,500.00 - December 27, 2018
  • 52,200.00 - November 26, 2018
Since: November 26, 2018
  • Highest Price: 60,500.00 - December 27, 2018
  • Lowest Price: 52,200.00 - November 26, 2018

Description

Xiaomi Pocophone F1 ගැන හැමදෙයක්ම

ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයේ ප්‍රබල සාමාජිකයෙක් වන Xiaomi සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම Poco සන්නාමය යටතේ නිකුත් වූ Pocophone F1 බහුලව කතාබහට ලක් වී තිබෙනවා. ලොව ජනප්‍රිය දුරකථන සමාගම් ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ සන්නාමයට අමතරව Online වෙළඳපොළ සඳහා ප්‍රධාන සන්නාමය යටතේ තවත් අනු වෙළඳ සන්නාම හඳුන්වා දෙනු ලැබූ අතර,

උදා:- Oppo යටතේ එන One Plus සහ Huawei යටතේ එන Honor

ඒ අනුව Xiaomi සමාගමද ඔවුන්ගේ ප්‍රධාන සන්නාමය යටතේ “Poco” අනු වෙළඳ සන්නාමය ලොවට හඳුන්වාදෙනු ලැබූ අතර “Poco” සන්නාමයෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් Pocophone F1 දුරකථනය ඇත්තටම කොහොමද කියලා අපි විමසා බලමු.

නවතම Xiaomi Pocophone F1 දුරකථනය.

Image Copyright: Digital Trends

Smart දුරකථන තරඟයට පැමිණි අලුත්ම සාමාජිකයා වන Pocophone F1 මේ වනවිට බොහෝ දුරකථන ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. එයට හේතුව විශේෂයෙන්ම මෙහි ඇති අඩු මිළට සාපේක්ෂව ලැබෙන වැඩි වටිනාකමයි. Mid Range දුරකථන ඉතාමත් ශීග්‍රයෙන් කරළියට පැමිණෙමින් තිබෙන මේ වකවානුවේදී Xiaomi සමාගම Pocophone F1 වැනි සුපිරි දුරකථනයක් හඳුන්වාදීම මේ වනවිට වෙළඳපොළේ ඇති අනෙකුත් දුරකථන සඳහා ලොකු අභියෝගයක් වී තිබෙනවා.

මින් පෙර Xiaomi දුරකථන සම්බන්ධව කටයුතු කිරීමට Xiaomi සමාගමෙන් නිළ ආයතනයක් ලංකාවේ ස්ථාපනය කර නොතිබුණු නිසා බොහෝ දෙනා තුළ මෙම දුරකථන මිලදී ගැනීමට එතරම් කැමැත්තක් නොතිබූ අතර මේ වනවිට Xiaomi ශ්‍රී ලංකාවේ ස්ථාපනය වීමත් සමඟ අඩු මිළට සහ විශ්වාසවන්ත වගකීමකින් මේ වන විට Xiaomi දුරකථන දිවයින පුරා වෙළඳසැල් වලින් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Pocophone F1 – Body එක සහ Design එක.

Image Copyright: news.hateem.pk

Mid Range ඝනයට අයත්වන මෙම දුරකථනය බැලූ බැල්මට Flagship දුරකථනයක සුපිරි බවක් දැකගැනීමට පුළුවන්. අතට ඉතාමත් පහසු ප්ලාස්ටික් වර්ගයක් යොදාගෙන නිර්මාණය කර තිබෙන නිසාත් මෙහි වක්‍ර කොණ නිසාත් මෙම  දුරකථනය අතේ පහසුවෙන් තබාගැනීමට පුළුවන්. තවද මෙය නිර්මාණය සඳහා උපයෝගී කරගෙන ඇති තරමක් ඝණකම ප්ලාස්ටික් හේතුවෙන් අතට තරමක් දැඩි බවක් දැනෙන අතර මෙම දුරකථනය ග්‍රෑම් 182 ක බරකින් යුක්ත වෙනවා.

Image Copyright: Trusted Reviews

මෙහි පහළින් ස්පිකර් යුගලයක් සහ USB Type C Port එකක් දැකගැනීමට පුළුවන් අතර 3.5 mm Headphone Port එක දුරකථනය ඉහළ දාරයේ දැකගැනීමට පුළුවන්. දුරකථනයේ පිටුපස ද්විත්ව කැමරා පද්ධතිය සමඟ LED Light ද්විත්වයක් ද දැක ගැනීමට පුළුවන් අතර මෙයට අමතරව Finger Print එක ද මෙම දුරකතනයේ පිටුපස දැක ගැනීමට පුළුවන්.

Pocophone F1 – Screen එක සහ Cameras.

Image Copyright: Silicon Investor

මෙහි තිරය අඟල් 6.18 ක IPS LCD තාක්ෂණයෙන් යුක්ත අතර Corning Gorilla Glass අරක්ෂණයෙන් ද සමන්විත වෙනවා. තවද මෙය 1080 x 2246 pixels ප්‍රමාණයේ Resolution එකකින් ද සමන්විත නිසා අනෙකුත් දුරකථනයකට වඩා සුපැහැදිලි බවක් මෙහි දැකගැනීමට පුළුවන් අතර හිරු එළිය හොඳින් තිබෙන තැනකදී වුවද තිරය මත ඇති දේ හොඳින් දැක ගැනීමට පුළුවන්.

Image Copyright: Android Authority

මෙම දුරකථනයේ ඉදිරිපස උඩ කොටසේ 20 MP ක සුපිරි සෙල්ෆි කැමරාවක් සහිත කුඩා Notch එකක් දැකගැනීමට පුළුවන්. මෙම කැමරාවන් ද AI තාක්‍ෂණයෙන් සමන්විත නිසා ඡායාරූප වල තිබෙන කුඩා කුඩා අඩුපාඩු සකස් කොට ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා.

තවද මෙහි 1080 x 2246 pixels ප්‍රමාණයේ Resolution එකකින් ද සමන්විත නිසා අනෙකුත් දුරකථනයකට වඩා සුපැහැදිලි බවක් මෙහි දැකගැනීමට පුළුවන්. හිරු එළිය හොඳින් තිබෙන තැනකදී වුවද හොඳින් තිරය මත ඇති දේ දැක ගැනීමට පුළුවන්.

Image Copyright: Digital Trends

පිටුපස 12 MP සහ 5 MP ප්‍රමාණයන්ගෙන් යුක්ත ද්විත්ව කැමරා පද්ධතියක් ඇති අතර එම කැමරාවන්ද AI තාක්ෂණයෙන් අනුන වෙනවා. මෙම කැමරා මඟින් ද දැඩි එළිය සහිත තැන්වලදී පවා පැහැදිලි ඡායාරූප ලබාගැනීමට පුළුවන්.

Pocophone F1 – Software සහ Battery Performance.

Image Copyright: androidauthority.com

මෙම දුරකථනය Android 8.1(Oreo) මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත අතර නවතම Android 9.0 (Pie) දක්වා සහ Xiaomi සමාගම Poco දුරකථන සඳහාම නිර්මාණය කරන MIUI 10.2 POCO දක්වා යාවත්කාලීන (Upgrade) කිරීමේ හැකියාව තිබෙනවා. මෙම නවතම MIUI 10.2  මඟින් පෙර පැවති UI පෙනුමට වඩා ඉතා සිත්ගන්නා සුළු සහ පැහැදිළි පෙනුමක් මෙම දුරකථනයට එකතු වෙනවා. නවතම Qualcomm Snapdragon SDM845 ක Chipset එකකින් සමන්විත මෙම දුරකථනය Octa-core ප්‍රොසෙසරයකින් ද යුක්ත වෙන අතර 256 GB, 8 GB RAM සහ 64/128 GB, 6 GB RAM ලෙස ධාරිතාවන් කිහිපයකින් සමන්විත වෙනවා.

මෙම දුරකථනය සඳහා 4000 mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර එමගින් දින දෙකක් පමණ හොඳින් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. Quick Charge 3.0 හේතුවෙන් බැටරිය 50% දක්වා විනාඩි 32 කින් ආරෝපණය (Charge)  කරගැනීමට හැකියාව තිබෙනවා.

මොනවද Xiaomi Pocophone F1 බොක්ස් එකේ තිබෙන දේවල්,

Image Copyright: GSMArena.com
  • නවතම Xiaomi Pocophone F1 දුරකථනය.
  • Silicone Back Cover එක.
  • User Manual එක.
  • Charging Adapter එක.
  • USB Cable එක.
  • Sim Removal Tool එක.

ඇත්තටම Xiaomi Pocophone F1 දුරකථනය කොහොමද…?

Image Copyright: says.com

මෙම දුරකථනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය කර තිබුනත් පෙනුම අතින් Flagship දුරකථනයකට සමාන සුපිරි පෙනුමක් දැකගන්න පුළුවන්. ඒ වගේම මෙය අතේ පහසුවෙන් තබාගන්නත්, පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්. තරමක් ලිස්සන සුළු වුවත් Back Cover එකක් තිබෙන නිසා එය එතරම් සැලකිය යුතු දෙයක් නොවෙයි. මෙහි ඇති Notch එක තරමක් දිගින් වැඩි නිසා තරමක් තිරය කුඩා වීම අවාසි සහගත වෙනවා. තවද හොඳින් එළිය තිබෙන ස්ථානයකදී පවා තිරය සුපහැදිලිව දැක ගැනීමට පුළුවන්. Xiaomi Pocophone F1 තුළ AI තාක්ෂණය සමන්විත නිසා මෙයින් ලබාගන්නා ඡායාරූප ඉතාමත් පැහැදිලි වෙනවා. තවද මෙහි Infrared face recognition ඇතුළු Accelerometer, Gyro, Proximity සහ Compass ආදී සෙන්සර්ස් වර්ග කිහිපයද දැකගැනීමට පුළුවන්.

Image Copyright: YouTube

මෙහි 3.5 mm Headphone Port එකක් තිබුනත් Xiaomi විසින් මේ සඳහා Headset ලබාදී නොමැති අතර Camera Stabilizer ක්‍රියාකාරිත්වය ද තරමක් අඩු වීමක් දැකගැනීමට පුළුවන්. තවද මේ වනවිට ඇති ඉහළ මට්ටමේ Mobile Games (උදා :- PUBG, Asphalt 9) මෙහි ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන්. සමස්තයක් වශයෙන් ගෙවන මිලට සාපේක්ෂව හොඳ අත්දැකීමක් ලබාගැනීමට හැකි දුරකථනයක් ලෙස Xiaomi Pocophone F1 හැඳින්විය හැකිය. තවද මෙම දුරකථනය Graphite Black, Steel Blue, Rosso Red සහ Armored Edition with Kevlar යන වර්ණයන්ගෙන් මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

Pocophone F1 – හොඳ සහ නරක

Image Copyright: Digit

Xiaomi Pocophone F1 දුරකථනයේ සුපිරි ක්‍රියාකාරිත්වය, සරල බව, බැටරි ධාරිතාව සහ අවම මිල මෙහි ඇති ගුණාත්මක කරුණු වශයෙන් හැඳින්විය හැකි අතර ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය වී තිබීමත් Camera Stabilizer ක්‍රියාකාරිත්වය තරමක් අඩු වීමත් සහ මෙහි තරමක් ඝණකම Bezel එකක් තිබීමත් මෙහි ඇති දුර්වලතා වශයෙන් නම් කළ හැකිය.

ඔබටත් Pocophone F1 දුරකථනයක් තියනවනම් ඔබේ අත්දැකීම අනිත් යටත් දැනගන්න අපිට කියන්න. මෙම ලිපිය අවසානයේ ඇති ලින්ක් එක භාවිතයෙන් ඔබට මෙම දුරකථනය මිලදීගැනීමට හැකි ස්ථාන, මිලගණන් සහ මෙම දුරකථනය, අනෙකුත් දුරකථන සමඟ සංසන්දනය කර බැලීමට ද පුළුවන්.

8.6
Design
8.5
Screen
8.5
Performance
9
Camera
8
Battery Life
9
+ Positives:
  • Dependable Performance
  • Feels solid
  • Excellent Battery life
  • Good cameras for the price
- Negatives:
  • Average Display
  • Not so appealing design
  • Camera lacks OIS
  • No DRM certification for HD streaming

Additional information

Specification: Xiaomi Pocophone F1

OS

Android 8.1 (Oreo), upgradable to Android 9.0 (Pie)

Internal Storage

128GB, 256GB, 64GB

RAM

6GB, 8GB

Sim-type

Hybrid Dual SIM

Display

6.18 inches

Chipset

Qualcomm SDM845 Snapdragon 845 (10 nm)

CPU

Octa-core (4×2.8 GHz Kryo 385 Gold & 4×1.8 GHz Kryo 385 Silver)

Camera

12MP, 5MP

Selfie Camera

20MP

Battery Capacity

4000mAH

Weight

154 g

Xiaomi Pocophone F1 Videos

Video Reviews in Sri Lanka

Reviews (0)

Reviews

0.0
0
0
0
0
0

Be the first to review “Xiaomi Pocophone F1”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Catch.lk
Login/Register access is temporary disabled
Compare items
  • Total (0)
Compare
0